රූපවාහිනි යන්ත්රයේ චැනල් මාරු කරන අතර වැරදීමකින් එය අයි.ටී.එන් චැනලයට මාරු වූ වෙලාවක දුටු දැන්වීමක් නිසා මගේ ඔළුව විකාර වී ගියේය.
වෙල්ලස්සෙ මහ නිළමෙ වෙන්නට පෙරුම් පුරන බස්නායක නිළමෙ තුමන් විසින් සංවිධානය කර ඇති මනාලියන් ඇන්දවීමේ වැඩමුළුවක සම්පත්දායකයකු වශයෙන් පර්සි මහත්තයා ද සහභාගී වන බව ඒ දැන්වීමෙන් කියැවුණි. ඒ මදිවට පර්සි මහත්තයා ගේ පින්තූරයක් ද එහි ප්රදර්ශනය විය.
වහාම පර්සි මහත්තයා සොයා ගොස් මේකෙ ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා මම පාරට බැස්සෙමි. මා යන විට පර්සි මහත්තයා සිටියෙ මතට තිත තබමිනි.
"මොකක්ද පර්සි මහත්තයා, දැන් ඒ පාර මේ මනමාලියන්ට අන්දන වැඩමුළුවලටත් යන්න පටන් ගත්තද? ” මම ඇසුවෙමි.
"අයිසේ, තමුසෙලා වරද්දගෙන නේ, මනමාලියන්ට අන්දන්න මම යන්නෙ මොකටද? ඒකට එනව වෙනම නෝන කෙනෙක් ” පර්සි මහත්තයා සන්සුන් ලෙස කීවේය.
"එහෙනම්, පර්සි මහත්තයගෙ නම ටී.වී එකේ දාන්නෙ මොන කෙහෙල් මලකට ද?
"අයිසේ, මම යනව තමයි, ඒත් මම යන්නෙ එන මනමාලියන්ට අන්දන්න නෙමෙයි. එතනට එන ගමේ මිනිස්සුන්ට අන්දන්න. තමුසෙ දන්නෙ නැද්ද, මම හැමදාම කළේ අන්දන එකනෙ.”
මෙතෙක් වෙලා මාත් සිටියේ ඇඳගෙන බව වැටහුණු මම ආපසු ගෙදර බලා ආවෙමි.
Back to Home
Friday, July 31, 2009
Thursday, July 16, 2009
කටු පඳුරේ වනා ඇති රෙද්ද
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
ඊයේ පෙරේදා දවසක මම පාර දිගේ ඇවිද යන අතර දුටුවේ පර්සි මහත්තයා රජ මාළිඟාවේ අංගනයේ සෙසු ප්රවේණි දාසයන් අතර හිඳිමින් කටු පඳුරක් උඩ වනා තිබූ රෙද්දක් හෙමින් හෙමින් පරිස්සමින් ගලවමින් සිටින ආකාරයයි. ” මේ, මේ, පර්සි මහත්තයා, මොකද මේ ලැජ්ජාවක් නැතුව රජ මාළිඟාවේ ඉඳුල් කකා වහල් වැඩ කරන්නෙ? ” පුදුමයටත්, කම්පාවටත්, ලැජ්ජාවටත් එකවර පත් වූ මම ඇසුවෙමි.” තමුසෙට පිස්සුද අයිසෙ, මම ප්රවේණි දාසයෙක් නෙමෙයි, රජතුමාගෙ පුරෝහිතයෙක් ” පර්සි මහත්තයා දෑත මිට මොළවා ගිරිය පුප්පා ගෙන කෑගැසුවේය. මට නම් ප්රවේණි දාසයන් සහ ඔය කියන පුරෝහිතයන් අතර කිසිදු වෙනසක් නොපෙනුණි.” ප්රවේණි දාසයා හරි පුරෝහිතයා හරි රජ මාළිඟාවෙනේ වැඩ. කන්නේ මාළිඟාවෙ ඉඳුල්නෙ. ඇත්තටම පර්සි මහත්තයා වාමාංශිකයෙක් හැටියට ලැජ්ජාවක් නැද්ද? ”” තමුසෙලාට තේරෙන්නෙ නෑ අයිසේ, අපි කරන්නෙ අධිරාජ්ය විරෝධී අරගලය. මේ වෙලාවෙ ප්රගතිශීලී බලවේගය ඉන්නේ රජතුමා එක්කයි. ඒක ගලවා ගැනීම හරිම පරිස්සමෙන් කරන්න ඕනෑ. ඒකයි මම මේ කරන්නෙ ” කියූ පර්සි මහත්තයා නැවතත් කටු පඳුර මත තිබූ රෙද්ද ගලවන්නට විය.මම ආපසු එන විටත් තවම පර්සි මහත්තයා කටු පඳුර ළඟය. මේක නම් කවදාවත් ගැලවෙන රෙද්දක් නෙවේ යැයි මට ම කියා ගත් මම ගෙදර ගියෙමි. පර්සි මහත්තයා තවමත් අතේ කටු ඇන ගනිමින් රෙද්ද ගලවනවා ඇත.
Friday, July 3, 2009
අධිරාජ්ය විරෝධය
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පර්සි මහත්තයා හංදියේ කඬේ ළඟ ඇති ජෑම් ගහ යට බංකුව උඩ වාඩි වී කතාවක් පවත්වයි. කඬේ ළඟ සිවිල් ආරක්ෂක කටයුතුවල යෙදෙන චූටි මල්ලිලා අසා සිටිති.”යූ.ඇන්.පී කියන්නේ අධිරාජ්යවාදීන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂය. ඒකෙ හුළඟවත් වදින තැනකට අපි නම් යන්නේ නැහැ””ඒ වුණාට පර්සි මහත්තයා දැන් ඔහොම කිව්වට පහුගිය දවස්වල නම් ගැහුවෙ වෙන රෙකෝඞ් එකක්.””ඒ එදා ඒ මොහොතේ එතැන තත්ත්වය. මෙදා මේ මොහොතේ මෙතැන තත්ත්වය වෙනස්. පංතියට වාසිදායක ස්ථාවරය තමයි නියම ස්ථාවරය””දැන් කොහොමද තත්ත්වය වෙනස් වුණේ ? ””ඇයි අයිසේ, අයි.එම්.එෆ්. එක ඩොලර් බිලියන 1.9 ක ලෝන් එකක් ලංකාවට දෙන්න යනව නේ. යූ.ඇන්.පී එක ඒකට පක්ෂ වෙනවා කියන එක ෂුවර් නෙ. එතකොට අයි.එම්.එෆ්. ලෝන් එකට පක්ෂ අය එක්ක අපි හිටගන්නෙ කොහොමද?””ඒ වුණාට, දැන් මේ ලෝන් එක දෙන්න එපා කියලා යූ.එන්.පී එක කේලම් කියපු නිසා අයි.එම්.එෆ්. එක කොන්දේසි දමලා තියෙනවය, රටට අහිතකර කොන්දේසි යටතේ නම් කිසි ලෙසකින් මේ ලෝන් එක ගන්නෙ නැහැය කියල දැන් ආණ්ඩුව කියනවනෙ.””ඒක තමයි, අයිසේ මං කියන්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ් ලෝන් එක එපා කියනවා කියන්නෙ ආණ්ඩුව අධිරාජ්ය විරෝධියි නෙ. ඉතින් ඒ වගේ අධිරාජ්ය විරෝධී ආණ්ඩුවකට විරුද්ධ වෙන්නෙ අධිරාජ්යවාදීන්ගෙ පක්කලියො. යූ.ඇන්.පී එක ආණ්ඩුවට විරුද්ධයිනෙ. ඉතින් අපි කොහොමද යු.ඇන්.පී එකත් එක්ක එකට ඉන්නේ.”පර්සි මහත්තයා ජයග්රාහි ලීලාවෙන් කතාව අවසන් කළේය.
Thursday, June 18, 2009
මේක ටොයිලට් කේස් එකක් !
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
කුර්තා කමිසයක් ඇඳගෙන රෙදි මල්ලක් කරේ එල්ලාගත් පර්සි මහත්තයා අපේ ගෙදරට ගොඩවදින විට මමත්,චූටි මල්ලිත් සිටියේ රූපවාහිනියේ ප්රචාරය වන ‘‘දයා මාස්ටර්ස් ලිස්ට්’’ නැමැති වාර්තා චිත්රපටය නරඹමිනි.
‘‘නැද්ද පරණ වෙලා අහක දාපු වැසිකිලි කටවල් එහෙම’’ පර්සි මහත්තයා ඇසීය.‘‘පරණ වැසිකිළි කටවල් කොහෙද මහත්තයා මෙහෙ? ඒව ඔක්කොම පාවිච්චි වෙනවනෙ’’ චුටි මල්ලි කීවේ වැසිකිළිය පැත්තට අත දිගු කරමින් වුවද වැරදීමකින් හෝ අත දිගු වූයේ රූපවාහිනිය පැත්තටය.
‘‘මොකද මේ පර්සි මහත්තයා හදිස්සියෙම වැසිකිළි කටවල් එකතු කරන්න පටන් ගත්තෙ ?’’ මම ඇසුවෙමි.’’නෑ අයිසෙ, අර උතුරේ සහන ගම්මානවල ඉන්න මිනිස්සුන්ට වැසිකිළි නැහැනෙ. ඉතිං ඒ නිසා අපි පටන් ගත්තා වැසිකිළි ව්යාපෘතියක්. ඒකයි මේ’’
‘‘ඉතිං පර්සි මහත්තයලා ඒකාලේ කිව්වෙ ඒ මිනිස්සු ප්රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ බලය නැති නිසාය. ඒ නිසා එයාලට බලය බෙදන්න ඕනයි කියලා නේද? දැන් මේ වැසිකිළි කටවල් බෙදන්නෙ. බලය බෙදන එක අතෑරලාද?’’ හැමදාමත් කට කැඩිච්ච කතාවක් කියන චුටි මල්ලි ඇසුවේය.‘‘නෑ අයිසෙ, තමුසෙලාට තේරෙන්නෙ නැහැ. ඉස්සර අපිත් හිතුවෙ ඒ මිනිස්සුන්ට තිබුණෙ බලය පිළිබඳ ප්රශ්නයක් කියලයි. දැන් අපිට තේරෙනවා එයාලට තිබිල තියෙන්නේ වැසිකිළි ප්රශ්නයක්. අයිසෙ, අපිට වුණත් ඕන කරන වෙලාවට වැසිකිළි යන්න බැරිවුනාම මල පනිනවනෙ. ඉතිං ඒ මිනිස්සු ප්රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ වැසිකිළි නැතිකම නිසා. ඒ නිසා තමයි අපි ‘බලය බෙදීම වෙනුවට වැසිකිළි බෙදීම’ තෝරගත්තෙ’’ යැයි කියු පර්සි මහත්තයා එළියට බැස තම මොන්ටෙරෝ රථයට නැඟුණේය.
Monday, June 15, 2009
ලැජ්ජයි....!
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
මම ඇස් වාට්ටුවට යන අතර හදිස්සියේම ”ලැජ්ජයි” කියා බැනර් එකක් ගසාගත් සුදුපාට හයි-එස් වෑන් එකක් ඇවිත් මා ඉදිරියේ නතර විය. සූදානම් ශරීරය කියා මම ටිකක් බය වී පස්සට පැන්නෙමි. වෑන් එකෙන් බැස්සේ පර්සි මහත්තයාය. රට පිළිගත් පත්තර කර්තෘවරු සහ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් ද පර්සි පර්සි මහත්තයා සමග සිටි අතර ඒ හැම දෙනාම ලැජ්ජයි කියා මුද්රණය කළ ටී-ෂර්ට් හැඳගෙන සිටියහ.
”ආ....පර්සි මහත්තයා, පෝදදල වෙනුවෙන් තියෙන සත්යග්රහණයට යන්න වගෙයි.”
මම ඇසුවෙමි.
”පිස්සුද අයිසේ.... අපි ඇවිල්ලා රටට ආදරය කරන බහුතරයට අයත් මිනිස්සු හැටියට හැටියට ඕවට යන්න ලැජ්ජයි. අපි යනව පෝද්දලට කැඳ ටිකක් පොවන්න පව් අහිංසකයා”.
පර්සි මහත්තයා කියන විට අනිත් කට්ටිය හොටු හූරන්න පටන් ගත්තා.
ඒ වුණාට පර්සි මහත්තයා ඉස්සර නම් පෝද්දලට ගැහුවා වගේ සිද්ධියක් වුණාම පර්සි මහත්තයලා පහුවෙනිදා දවල් ලිප්ටන් සර්කල් බදු ගන්නවා, ටීවී චැනල් බදුගන්නවා”.
”නෑ අයිසේ ,මේ වෙලාවේ ඒවා කළොත් යූ.එන්.පී එක වාසි ගන්නවනේ”.
”ඉතින්, ඒ කාලෙත් එහෙමනේ. යූ.එන්.පී එකනේ ඒ කාලෙත් විරුද්ධ පක්ෂයේ හිටියේ”.
අන්දුන් කුන්දුන් වී ගිය මම ඇසුවෙමි.
”ඒක තමයි අයිසේ, දැන්නේ අපිට ඒක තේරුණේ. ඒ නිසා අපි වෙනස් වුණා”.
”එතකොට ‘ලැජ්ජයි’ කියලා බෝඞ් ගහගෙන යන්නේ යන්නේ මොන මඟුලකටද”?
”නෑ අයිසේ, අපේ අතීතය මතක් වුණාම අපටම ලැජ්ජයි. ඒකයි මේ”.
කියූ පර්සි මහත්තයා ඇතුළු කට්ටිය කැඳ භාජනයත් රැගෙන රෝහල පැත්තට මාරු වූහ.
තර්ටීන් ප්ලස් (13+)
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.චූටි මල්ලි ඇතුළු ගමේ තරුණ කැළ පොසොන් තොරණක් නිර්මාණය කර තිබූ නිසා මමද තොරණ වන්දනාවේ ගියෙමි.දහ තුන - දහ තුන- දහ තුනදහ තුන - දහ තුන- දහ තුනකොන්සල්ටන් - කොන්සල්ටන්කොන්සල්ටන් - කොන්සල්ටන්පුරුදු කට හඬකින් නුපුරුදු ආකාරයේ තොරණේ කවියක් ගායනා කරනු අසා ඒ ගැන හොයා බැලීමට මම තොරණ පිටිපස්සට ගියෙමි.අරුමයකි; පුදුමයකි.චූටි මල්ලිලාගේ පොසොන් තොරණේ කවි ගායනා කරන්නේ වාමාංශිකයෙකු වන පර්ස් මහත්තයාය. පර්සි මහත්තයත් චූටි මල්ලිලාට එකතු වී රටට ආදරය කරන බහුතරයේ ගොඩට එකතු වෙලාවත්ද? .”මොකක්ද පර්සි මහත්තයා මේ ? මොකක්ද අර කවිය ? ඕක තොරණ් කවියක්ද? නැත්නම් ජනක් පේ්රමලාල්ගේ රාජ කපුරු නාට්යයේ සිංදුවක්ද? ””නෑ අයිසේ, දැන් ආණ්ඩුව 13 වන සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්රියාත්මක කරලා, පළාත් සභාවලට ඔක්කොම බලතල දෙන්නනේ යන්නේ. රටට ආදරය කරන බහුතරයගේ වගකීම තමයි ඒකට සපෝට් එකක් දෙන එක. අනිත් එක මෙච්චර කල් මේ බලය බෙදීමට විරුද්ධව හිටියේ එල්.ටී.ටී.ඊ එකයි, ජේ.වී.පී එකයිනේ. දැන් එල්.ටී.ටී.ඊ එකේ ආයුධ බලයත් ඉවරයි, ජේ.වී.පී. එකේ රිමෝට් කොන්ට්රෝල් බලයත් ඉවරයි. එක නිසා තමයි අපි මේ තොරණ ගැහුවේ, නේද චූටි මල්ලි ? ” කියා එක හුස්මට කියාගෙන ගිය පර්සි මහත්තයා චූටි මල්ලිගේ කරට අත දා ගත්තේය.”එතකොට පර්සි මහත්තයා මොකක්ද ඒ කවිය ?”” නෑ අයිසේ, අපිටත් දැන් කලක ඉඳලා වැලේ වැල් නැතුවනේ ඉන්නේ. ඉතිං 13 ආයෙත් ආවම ඒ ගැන ජනතාව දැනුවත් කරන්න අලූතෙන් ප්රොජෙක්ට්ස් එනවා. එතකොට ඒවායේ කොන්සල්ටන්ලා වෙන්නේ අපිනේ. චූටි මල්ලිලාට පුළුවන් ස්වයං රැකියාවක් විදිහට ඒ ප්රෝජෙක්ට් වල වැඩ කරන්න.” කිවු පර්සි මහත්තයා නැවතත් මයික්රොෆෝනය අතට ගත්තේය.දහ තුන- දහ තුන- දහ තුනදහ තුන- දහ තුන- දහ තුනකොන්සල්ටන් - කොන්සල්ටන්කොන්සල්ටන් - කොන්සල්ටන්
පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග්රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
චූටි මල්ලිලා ඇතුළු ගමේ තරුණ කැළ රතිඤ්ඤ කරල් පුපුරවමින් සිටින තැනට පර්සි මහත්තයා ද කඩා පාත් විය.”ආ, පර්සි මහත්තයා, යුද්දෙන් සාමය ඇතිකරවන්න බැහැ කියලා ඒ කාලෙ කයිවාරු ගැහුවා නේද? දැන් මොකද කියන්නේ ?” චූටි මල්ලි ඇසුවේය.”ඔව්, ඔව්, ඒ කාලෙ කිව්වෙ නම් සම්පුර්ණයෙන් ම අල්ල ගන්න බැහැ, පොඩි කෑල්ලක් වත් ඉතුරු වෙනවා කියලා නේද? ” නන්දන ද පර්සි මහත්තයාට කෝචොක් පාරක් දැම්මේ තවත් රතිඤ්ඤ වටයක් පුපුරවමිනි.සිහිබුද්ධිය ඇති ඕනෑම වාමාංශිකයෙක් මේ වෙලාවේ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගසා මිටි තැනින් වතුර බසින්නට ඉඩහැර රතිඤ්ඤ කරලක් පිපිරවීමට දායක වීමයි. එසේ කොට රටට ආදරය නොකරන සුළු දෙනාගේ ගොඩට නොවැටී රටට ආදරය කරන බහුතරයගේ ගොඩට ඇතුළු වීමයි.එහෙත් පර්සි මහත්තයා කීවේ තමාට ‘පිස්සු පර්සි’ කියා කීම සාධාරණීයකරණය කළ හැකි පිස්සු කතාවකි.”ඔන්න අපේ ගමේ එක මිනිහෙක් හිටියා. දවසක් එයා දෑකැත්තක් අරන් සෙල්ලමි කරන කොට අනිත් අය කිව්වා ඕක භයානක සෙල්ලමක් කියලා. එතකොට මිනිහා කිව්වා ‘මට ඕනෑ නම් දෑකැත්ත ගිලින්න වුණත් පුළුවන්’ කියලා. වටේ ඉන්න අය කිව්වා ” මොන පිස්සුද ඒක නම් කවදාවත් කරන්න බැරි දෙයක්’ කියලා. අර මනුස්සයා මොකද කළේ ෆුල් ඩම් දාලා ගිල්ල නේද දෑකැත්ත. වටේ හිටපු හැමෝම පුදුම වෙලා බලා හිටියා. එතකොට මම කිව්වා ”හරි, ඒක නම් කළා, හෙට උදේට මල පහ කරන කොට තමයි වැඬේ” කියලා”එසේ කියූ පර්සි මහත්තයා යන්න ගියේය.”පිස්සු පර්සි ගේ පිස්සු කතා! අපි කියපු කතාවට කට උත්තර නැතිව මිනිහා කොහේද නැති බේගලයක් කියලා මාරු වුණා’ කියු තරුණ කැළ නැවතත් රතිඤ්ඤ පිපිරවීමට පටන් ගත්හ.
පර්සි මහත්තයා පොත් කියවයි; ඉංග්රිසි කතා කරයි; ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වෙයි. මේ ලක්ෂණ තුනෙන් එකක් වත් ඇති අපේ ගමේ සොයා ගැනීම නිකිණි සෙවීමටත් වඩා අමාරුය. ඒ නිසා දෝ ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ පිස්සු පර්සි කියාය.පර්සි මහත්තයා තකහනියක් අපේ ගෙදර ගොඩ වැදුණේ මල් පොකුරු වගයක් ද අතින් අරගෙනය.” මම යනව අයිසේ විමල් වීරවංශටයි චම්පික රණවකටයි මල් මිට මිට දීලා එන්න ” පර්සි මහත්තයා කීය.වාමාංශිකයෙකු වු පර්සි මහත්තයාගේ යූ ටර්න් එක ගැන මම අන්දුන් කුන්දුන් වුණෙමි.”නෑ අයිසේ, මේ රටේ ඉන්න වාමාංශිකයන් කියන එවුන්ට වඩා ඒ සහෝදරවරු වාමාංශිකයි. එංගලන්ත, ප්රංශ, ඇමෙරිකන් අධිරාජ්යවාදියො අපේ රට උන්ගේ පිළිකන්නක් කියල හිතල අපට පාට් දාන කොට පාරට බැහැලා, පෝස්ටර් ගහලා විරෝධයක් දක්වන්න පිට කොන්දක් තිබුණෙ එයාලට විතරයි. අපේ ඊනියා වාමාංශිකයො දැන් ලිබරල් කතිකාවට යටවෙලා, අධිරාජ්යවාදීන් ට දැන් කියන්නේ ජාත්යන්තර ප්රජාව කියලා.””එ් වුණාට පහුගිය කාලෙ පර්සි මහත්තයා ඔය අධිරාජ්යවාදී රටවල ආණ්ඩු වලින් ලංකාවෙ සාමය ඇති කරන්න හදපු කොම්පැනියක ලොක්කා වෙලා ඉන්න කාලෙ ඔහොම කතා කළේ නෑනේ.” අපේ චූට් මල්ලි කීවේය. ”අයිසේ , ඒ මෝඩයො මට පැයකට රුපියල් පන්දාහ ගාණෙ ගෙවන කොට උන්ට අධිරාජ්යවාදීන් කියල මගේ ජොබ් එක නැති කර ගන්න තමුසෙලා හිතන්නෙ මට පිස්සු කියලා ද?” කියා ඇසු පර්සි මහත්තයා මල් මිටිත් රැගෙන පාරට බැස්සේය.
Back to home
*************************

අධිරාජ්ය විරෝධයට මල් මිටක් !

Subscribe to:
Posts (Atom)